හිතෝපදේශ 15
15
1මෘදු උත්තරයකින් කෝපය පහවෙයි;
එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.
2ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි;
එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.
3 ස්වාමීන්වහන්සේගේ ඇස් සෑමතැනම පැවත, නපුරන්ද යහපතුන්ද බලන්නේය.
4ශාන්තිදායක දිව ජීවන වෘක්ෂයක්ය;
එහෙත් එහි වංචාව ආත්මය පොඩි කිරීමක්ය.
5මෝඩයා තමාගේ පියාගේ උපදෙස් සුළුකරයි;
එහෙත් අවවාදය සලකන්නා නුවණ ලබාගනියි.
6ධර්මිෂ්ඨයාගේ ගෙයි බොහෝ වස්තු තිබේ;
එහෙත් දුෂ්ටයාගේ ආදායමෙහි කරදර ඇත්තේය.
7ප්‍රඥාවන්තයන්ගේ තොල් දැනගැන්ම පතුරුවයි;
එහෙත් අඥානයන්ගේ සිත ස්ථිර නැත.
8දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය;
එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.
9දුෂ්ටයාගේ මාර්ගය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය;
එහෙත් ධර්මිෂ්ඨකම අනුව යන්නාට උන්වහන්සේ ප්‍රේමකරනසේක.
10මාවත අත්හැර යන්නාට තද දඬුවමක් පැමිණේ;
අවවාදයට ද්වේෂකරන්නා නසින්නේය.
11ෂෙයෝලද අබද්දොනද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබේ;
ඊට කොපමණ වැඩියෙන් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් එසේ නොතිබේද!
12නින්දාකරන්නා අවවාද ලබන්ට කැමති නැත;
ඔහු ප්‍රඥාවන්තයන් ළඟට නොයන්නේය.
13තුෂ්ටිමත් සිත මුහුණ පැහැපත්කරයි;
එහෙත් සිතේ ශෝකයෙන් ආත්මය බිඳෙයි.
14නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි;
එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම අනුභවකරයි.
15දුක්ඛිතයාගේ සියලුම දවස් නරකය;
එහෙත් සතුටු සිත නිරන්තර මංගල්‍යයක්ය.
16කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය.
17වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.
18තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි;
එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.
19අලසයාගේ මාර්ගය කටු වැටක් වැනිය;
එහෙත් අවංක අයගේ මාවත මහ පාරක්ය.
20ප්‍රඥාවත් පුත්‍රයෙක් පියා ප්‍රීතිකරවයි;
එහෙත් අඥාන මනුෂ්‍යයෙක් තම මවු සුළුකරයි.
21නුවණ නැත්තාට මෝඩකම ප්‍රීතියකි;
එහෙත් ඥානවන්තයා සෘජුලෙස හැසිරෙයි.
22මන්ත්‍රණය නැති කල යෝජනා නිෂ්ඵලවන්නේය;
එහෙත් බොහෝ මන්ත්‍රීන් කරණකොටගෙන ඒවා ස්ථිරවන්නේය.
23මනුෂ්‍යයෙකුට තමාගේ මුඛයේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ;
කලට සුදුසු වචනය කොපමණ හොඳද!
24පහළින් තිබෙන ෂෙයෝලෙන් අහක්වෙන පිණිස නුවණින් හැසිරෙන්නා ඉදිරියෙහි ජීවිතයේ මාවත ඉහළට යන්නේය.
25 ස්වාමීන්වහන්සේ උඩඟු අයගේ ගෙය උදුරාදමනසේක;
එහෙත් වැන්දඹුවගේ සීමාව උන්වහන්සේ ස්ථිරකරනසේක.
26දුෂ්ටයන්ගේ යෝජනා, ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය;
එහෙත් පවිත්‍රයන්ගේ වචන උන්වහන්සේට ප්‍රසන්නය.
27ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය;
එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.
28ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි;
එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම් වගුරුවයි.
29 ස්වාමීන්වහන්සේ දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටිනසේක;
එහෙත් උන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසනසේක.
30ඇස්වල එළියෙන් සිත සන්තෝෂවේ;
යහපත් ආරංචියෙන් ඇට තරවේ.
31ජීවනදායක අවවාදය අසන කන ප්‍රඥාවතුන් අතරෙහි පවතියි.
32ගුරුකම එපාකරන්නා තමාගේම ප්‍රාණය සුළුකරන්නේය;
එහෙත් අවවාදය අසන්නා නුවණ ලබාගන්නේය.
33 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ප්‍රඥාවේ ගුරුකමය;
ගෞරවයට පළමුවෙන් යටත්කම ඇත්තේය.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 15: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society