ශු. මාර්ක් 1:12-20
ශු. මාර්ක් 1:12-20 SROV
එකෙණෙහිම ආත්මයාණන්වහන්සේ උන්වහන්සේ වනාන්තරයට පැමිණෙවුසේක. උන්වහන්සේ සාතන් විසින් පරීක්ෂාකරනු ලබමින් සතළිස් දවසක් වනාන්තරයේ සිටිසේක; උන්වහන්සේ වන මෘගයන් අතරේ සිටිසේක; දේව දූතයෝ උන්වහන්සේට උපස්ථාන කළෝය. යොහන් පාවාදෙනු ලැබුවායින් පසු යේසුස්වහන්සේ ගලීලයට පැමිණ දෙවියන්වහන්සේගේ ශුභාරංචිය දේශනාකරමින්: කාලය සම්පූර්ණවිය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි කීසේක. උන්වහන්සේ ගලීලයේ මුහුද අද්දර යද්දී, මසුන් අල්ලන්නන්වූ සීමොන්ද සීමොන්ගේ සහෝදරවූ අන්දෘද මුහුදේ දැලක් හෙළනවා දැක: මා අනුව එන්න, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් වෙන්ට සලස්වන්නෙමියි ඔවුන්ට කීසේක. එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ එතැනින් මදක් දුර ගොස්, සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද ඔරුවේ හිඳ දැල් අලුත්කරනවා දැක, එකෙණෙහිම ඔවුන්ට අඬගැසූසේක. ඔව්හුද තමුන්ගේ පියවූ සෙබදී වැඩකාරයන් සමඟ ඔරුවේ ඉන්ට හැර උන්වහන්සේ පස්සේ ගියෝය.

