ශු. ලූක් 8:52-55
ශු. ලූක් 8:52-55 SROV
සියල්ලෝම ඈ ගැන අඬමින්ද වැලපෙමින්ද සිටියෝය. එහෙත් උන්වහන්සේ කථාකොට: අඬන්ට එපා; ඈ මැරිලා නොවේ, නිදන්නීයයි කීසේක. ඔව්හු ඈ මළ බව දැන, උන්වහන්සේට නින්දා වශයෙන් සිනාසුණෝය. නුමුත් උන්වහන්සේ ඇගේ අත අල්ලා: යෞවනිය, නැගිටින්නැයි ශබ්දනගා කීසේක. එවිට ඇගේ ආත්මය හැරී ඇවිත්, ඈ එකෙණෙහිම නැගුටුණාය. ඈට කන්ට දෙන ලෙස උන්වහන්සේ අණදුන්සේක.

