ශු. ලූක් 13:1-8

ශු. ලූක් 13:1-8 SROV

තවද ඒ ප්‍රස්තාවේදීම එහි සිටි සමහරෙක් කථාකොට: පිලාත් විසින් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේ යාග සමඟ මිශ්‍රකරනලදැයි උන්වහන්සේට දැන්නුවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ඒ ගලීලයෝ ඒ දේ වින්ද බැවින් සියලු ගලීලයන්ට වඩා පව්කාරයෝව සිටියෝයයි සිතවුද? එසේ නොවේයයි නුඹලාට කියමි. පසුතැවිලි නූණොත් නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝය. නොහොත් සිලෝවම් කොටුව වැටී යටවී මැරුණු දසඅටදෙන යෙරුසලමේ වාසයකරන සියලු මනුෂ්‍යයන්ට වඩා වැරදිකාරයෝව සිටියෝයයි නුඹලා සිතවුද? එසේ නොවේයයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක. උන්වහන්සේ මේ උපමාව කියනසේක්: එක් මනුෂ්‍යයෙකුගේ මිදිවත්තෙහි අත්තික්කා ගහක් හිටවා තිබුණේය. ඔහු ඒ ගහේ ගෙඩි සොයමින් ආවේය, නුමුත් කිසිවක් සම්බවුණේ නැත. එවිට ඔහු මිදිවත්ත බලන්නාට කථාකොට: බලව, මේ තුන් අවුරුද්දේම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. ඒක කපාදමන්න; පොළොවට බරව තිබෙන්නෙත් මක්නිසාදැයි කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමීනි, ඒක වටකර හාරා, පෝර දමන තුරු, මේ අවුරුද්දෙත් තිබුණාවේ.