ලෙවී කථාව 12:1-4

ලෙවී කථාව 12:1-4 SROV

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර මෙසේ කියන්න–ස්ත්‍රියෙක් ගර්භිණීව පිරිමි ළමයෙකු වැදුවොත් ඈ සත් දවසක් අපවිත්‍රව සිටින්නීය; ඈ ඔසප්වී වෙන්ව සිටින දවස් ලෙස ඈ අපවිත්‍රව සිටින්නීය. අටවෙනි දවසේදී ඔහුගේ චර්මාග්‍රමාංසය ජේදනය කරනු ලැබිය යුතුය. තවද ඇගේ ලෙයින් පවිත්‍රවීම පිණිස ඈ තිස්තුන් දවසක් සිටින්නීය; ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවන තෙක් කිසි ශුද්ධ දෙයක ස්පර්ශ නොවිය යුතුය, ශුද්ධ ස්ථානයට ඇතුල් නොවිය යුතුය.