ජෝබ් 42
42
යෝබ් නැවත තමාගේ වරද පිළිගෙන පසුතැවිලිවීම
1එවිට යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින් කියනුයේ:
2ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වලක්වන්ට බැරි බවත් දනිමි.
3දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?
එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි.
4අනේ ඇසුව මැනව, එවිට මම කථාකරන්නෙමි;
මා ඔබගෙන් අසන කල්හි මට දැන්නුව මැනව.
5මා ඔබ ගැන කනින් අසා තිබුණේය;
නුමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි.
6එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.
යෝබ් නැවත පිළිගනු ලැබ සමෘද්ධියට පත්වීම
7තවද ස්වාමීන්වහන්සේ මේ වචන යෝබ්ට කී පසු ස්වාමීන්වහන්සේ තේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ. 8එබැවින් ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයාවූ යෝබ් ළගට ගොස්, නුඹලා වෙනුවට දවන පූජාවක් ඔප්පුකරන්න. මාගේ සේවකයාවූ යෝබ් නුඹලා උදෙසා යාච්ඤාකරන්නේය; එවිට නුඹලාගේ මෝඩකමේ හැටියට මා විසින් නුඹලාට නොකරන පිණිස ඔහු පිළිගන්නෙමි; මක්නිසාද මාගේ සේවකයාවූ යෝබ් වාගේ නුඹලා මා ගැන හරි ලෙස කථාකළේ නැතැයි කීසේක. 9එබැවින් තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ගොස් ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කළෝය. ස්වාමීන්වහන්සේද යෝබ් පිළිගත්සේක. 10තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක. 11එවිට ඔහුගේ සියලු සහෝදරයෝද ඔහුගේ සියලු සහෝදරියෝද පළමු ඔහු ඇඳින සිටි සියල්ලෝද ඔහු ළඟට ඇවිත්, ඔහුගේ ගෙදර ඔහු සමඟ කෑම කා, ස්වාමීන්වහන්සේ ඔහුට පැමිණෙවු සියලු විපත්ති ගැන ඔහු සමඟ ශෝකවී, ඔහු සැනසුවෝය. එක් එක්කෙනා කෙසීටා [නම්] මිලයකුත් එක් එක්කෙනා රන් මුදුවකුත් ඔහුට දුන්නේය. 12මෙසේ ස්වාමීන්වහන්සේ යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අන්තිමයට ආශීර්වාදකළසේක. බැටළුවන්ද එළුවන්ද දහහතර දහසකුත් ඔටුවන් හදහසකුත් ගොන්බාන් දහසකුත් කොටළුදෙනුන් දහසකුත් ඔහුට සිටියෝය. 13ඒ ඇර පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද ඔහුට සිටියෝය. 14ඔහු පළමුවෙනි තැනැත්තීට යෙමීමා යන නමද දෙවෙනි තැනැත්තීට කෙශීයා යන නමද තුන්වෙනි තැනැත්තීට කෙරෙන්-හප්පූක් යන නමද තැබීය. 15යෝබ්ගේ දූවරුන් මෙන් රුව ඇති ස්ත්‍රීහු ඒ මුළු දේශයෙහි නොසිටියාහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේය. 16ඉන්පසු යෝබ් එකසිය හතළිස් අවුරුද්දක් ආයු වළඳා, සතරවෙනි පරම්පරාව දක්වා තමාගේ පුත්‍රයන්ද පුත්‍රයන්ගේ පුත්‍රයන්ද දුටුවේය. 17ඉක්බිති යෝබ් මහලුව වයසින් පූර්ණව මළේය.
දැනට තෝරාගෙන ඇත:
ජෝබ් 42: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: