විනිශ්චයකාරයන්ගේ පොත 8:22-27

විනිශ්චයකාරයන්ගේ පොත 8:22-27 SROV

එකල ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ගිඩියොන්ට කථාකොට: නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද අප කෙරෙහි ආණ්ඩුකරන්ට ඕනෑය. මක්නිසාද නුඹ මිදියන්වරුන්ගේ අතින් අප ගළවාගත්තෙහියයි කීවෝය. ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් නුඹලා කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය. ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි, නුඹලා එකිනෙකා කොල්ලගත් කුණ්ඩලාභරණ මට දෙන්නැයි කීවේය. මක්නිසාද ඔවුන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණේය. ඔව්හු: අපි ඒවා කැමැත්තෙන්ම දෙමුයයි උත්තරදී, වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා තම තමා කොල්ලගත් කුණ්ඩලාභරණ එහි දැමූහ. මිදියන්හි රජුන් පැළඳ සිටිය නව සඳාකාර ආභරණද කර්ණාභරණද රත්නිල් වස්ත්‍රද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වට තිබුණු මාලද ඇර ඔහු ඉල්ලාගත් රන් කුණ්ඩලාභරණවල බර රන් ෂෙකෙල් එක්දාස් හත්සියයක්ය. ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.