විනිශ්චයකාරයන්ගේ පොත 8:22-27
විනිශ්චයකාරයන්ගේ පොත 8:22-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල ඉශ්‍රායෙල්වරු ගිඩියොන්ට කතා කොට, “අපගේ පාලකයා වන්න; ඔබත්, ඔබේ පුත්‍රයාත්, ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාත්. මන්ද මිදියන්වරුන් අතින් අප ගැලවූයේ ඔබ යැ” යි කීහ. එහෙත්, ගිඩියොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මම නුඹලා පාලනය නො කරමි. මගේ පුතාත් නුඹලා පාලනය නො කරනු ඇත. ස්වාමින්වහන්සේ ම නුඹලා පාලනය කරන සේකැ” යි කීවේ ය. ඔහු තවදුරටත් කතා කරමින්, “මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි. හැම කෙනකු ම තම තමාගේ කොල්ලයේ පංගුවෙන් අරුංගලය බැගින් මට දෙන්නැ” යි කීවේ ය. (මන්ද සතුරනට රත්රං අරුංගල් තිබිණි. මන්ද ඔවුන් ඉෂ්මායෙල්වරුන් ය.) “කැමැත්තෙන් ම අපි ඒවා දෙන්නෙමු” යි කී ඔවුහු රෙදි කඩක් එලූහ. එවිට එක් එක්කෙනා තම තමාගේ කොල්ලයෙන් අරුංගලය බැගින් එහි දැමූහ. ඔහුගේ ඉල්ලීම පරිදි ලද රන් අරුංගල්වල බර ෂෙකෙල් එක්දහස් හත්සියයකි. ඒ හැර අඩ සඳ අබරණ හා මාල පෙති ද මිදියන් රජුන් හැඳි රාජවර්ණ ඇඳුම් ද ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙල බැඳි රන් දම් ද එහි විය. ගිඩියොන් එම රන්වලින් ඒපොද් සැට්ටයක් සාදවා, එය ඔහුගේ නගරය වන ඔෆ්‍රාහි පිහිටුවී ය. එහිදී සියලු ඉශ්‍රායෙල්වරු ඊට නමස්කාර කිරීමේ වේශ්‍යාකමෙහි යෙදුණහ. ගිඩියොන්ට හා ඔහුගේ පවුලට එය මලපතක් බවට පත් විය.
විනිශ්චයකාරයන්ගේ පොත 8:22-27 Sinhala Revised Old Version (SROV)
එකල ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ගිඩියොන්ට කථාකොට: නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද අප කෙරෙහි ආණ්ඩුකරන්ට ඕනෑය. මක්නිසාද නුඹ මිදියන්වරුන්ගේ අතින් අප ගළවාගත්තෙහියයි කීවෝය. ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි, මාගේ පුත්‍රයාවත් නුඹලා කෙරෙහි ආණ්ඩුනොකරන්නේය; ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ආණ්ඩුකරනසේකැයි කීවේය. ගිඩියොන් ඔවුන්ට කථාකොට: මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි, නුඹලා එකිනෙකා කොල්ලගත් කුණ්ඩලාභරණ මට දෙන්නැයි කීවේය. මක්නිසාද ඔවුන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණේය. ඔව්හු: අපි ඒවා කැමැත්තෙන්ම දෙමුයයි උත්තරදී, වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා තම තමා කොල්ලගත් කුණ්ඩලාභරණ එහි දැමූහ. මිදියන්හි රජුන් පැළඳ සිටිය නව සඳාකාර ආභරණද කර්ණාභරණද රත්නිල් වස්ත්‍රද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වට තිබුණු මාලද ඇර ඔහු ඉල්ලාගත් රන් කුණ්ඩලාභරණවල බර රන් ෂෙකෙල් එක්දාස් හත්සියයක්ය. ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.
විනිශ්චයකාරයන්ගේ පොත 8:22-27 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජනයා ගිඩියොන්ට කතා කොට, “ඔබ ද ඔබේ පුත්‍රයා ද ඔබේ පුත්‍රයාගේ පුත්‍රයා ද අප කෙරෙහි ආණ්ඩු කළ යුතු ය. මන්ද, ඔබ මිදියන්වරුන්ගේ අතින් අප ගළවා ගත්තෙහි යැ”යි කී හ. ගිඩියොන් පිළිතුරු දෙමින්, “මම ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි; මාගේ පුත්‍රයා වත් ඔබ කෙරෙහි ආණ්ඩු නොකරන්නේ ය; සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙහි ආණ්ඩු කරන සේකැ”යි කීවේ ය. ගිඩියොන් තවදුරටත් කතා කරමින්, “මම ඔබ හැමගෙන් ඉල්ලීමක් කරමි. ඔබ එකිනෙකා කොල්ලකෑ කුණ්ඩලාභරණ මට දෙන්නැ”යි කීවේ ය. ඔහු එසේ කීවේ, සතුරන් ඉෂ්මායෙල්වරුන් බැවින් ඔවුන්ට රන් කුණ්ඩලාභරණ තිබුණ නිසා ය. ඔව්හු, “අපි ඒවා කැමැත්තෙන් ම දෙමු”යි පිළිතුරු දී වස්ත්‍රයක් අතුරා එක් එක්කෙනා කොල්ලකෑ කුණ්ඩලාභරණ එහි දැමුවෝ ය. මිදියන්හි රජු පැළඳ සිටි අඩ සඳ වැනි ආභරණ ද කර්ණාභරණ ද රත් නිල් වස්ත්‍ර ද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වටා තිබුණ මාල ද හැර ඔහු ඉල්ලා ගත් රන් කුණ්ඩලාභරණවල බර රන් කිලෝග්‍රෑම් විස්සක් පමණ විය. ගිඩියොන් එයින් පිළිමයක් සාදා එය තමාගේ නගරය වූ ඔප්‍රාහි පිහිටෙවුවේ ය. ඉශ්රායෙල්වරු සියලු දෙනා සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී ඒ පිළිමය වැළඳගත්හ. එය ගිඩියොන්ටත්, ඔහුගේ පවුලටත් මලපතක් මෙන් විය.
විනිශ්චයකාරයන්ගේ පොත 8:22-27 Sinhala New Revised Version 2018 (SNRV)

විනිශ්චයකාරයන්ගේ පොත 8:22-27 New International Version (NIV)
The Israelites said to Gideon, “Rule over us—you, your son and your grandson—because you have saved us from the hand of Midian.” But Gideon told them, “I will not rule over you, nor will my son rule over you. The LORD will rule over you.” And he said, “I do have one request, that each of you give me an earring from your share of the plunder.” (It was the custom of the Ishmaelites to wear gold earrings.) They answered, “We’ll be glad to give them.” So they spread out a garment, and each of them threw a ring from his plunder onto it. The weight of the gold rings he asked for came to seventeen hundred shekels, not counting the ornaments, the pendants and the purple garments worn by the kings of Midian or the chains that were on their camels’ necks. Gideon made the gold into an ephod, which he placed in Ophrah, his town. All Israel prostituted themselves by worshiping it there, and it became a snare to Gideon and his family.