උත්පත්ති 32:3-8
උත්පත්ති 32:3-8 SROV
තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය. ඔහු ඔවුන්ට අණකරමින්: නුඹලා මාගේ ස්වාමිවූ ඒසව්ට කථාකොට: ඔබගේ මෙහෙකරුවූ යාකොබ් මෙසේ කියන්නේය–මම ලාබන් වෙත මේ දක්වා නැවතී සිටියෙමි. මට ගවයෝද කොටළුවෝද රැළවල්ද දාස දාසීහුද සිටිති. ඔබගෙන් කරුණාව ලැබෙන පිණිස මාගේ ස්වාමියාට දන්වන්ට එවීමියි කියන්නැයි කීවේය. පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය. එවිට යාකොබ් අතිශයින්ම භයපත්ව කැලඹුණේය. ඔහු තමා කැටුව සිටි මිනිසුන්ද බැටළුවන්ද ගවයින්ද ඔටුවන්ද කණ්ඩායම් දෙකකට බෙදා: ඒසව් අවුත් එක් කණ්ඩායමකට පහර දෙන්නේනම් ඉතිරි කණ්ඩායමට ගැළවෙන්ට පුළුවනැයි කීවේය.

