2 සාමුවෙල් 19:1-8

2 සාමුවෙල් 19:1-8 SROV

තවද රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා යෝවාබ්ට දන්වන ලද්දේය. රජ තමාගේ පුත්‍රයා ගැන ශෝකවන්නේයයි ඒ දවසේ සෙනඟට සැලවුණු බැවින් ඒ දවසේ ඇතිවූ ජය මුළු සෙනඟට වැලපීමක් වුණේය. මක්නිසාද යුද්ධයේදී පලායන සෙනඟ ලජ්ජා සහිතව හොරෙන් එන්නාක් මෙන්, ඒ දවසේදී සෙනඟ හොරෙන් නුවරට ඇතුල්වුණෝය. රජ තමාගේ මුහුණ වසාගෙන: අනේ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, අනේ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය කියා මහත් හඬින් ඇඬුවේය. යෝවාබ්ද රජු ළඟට ගෙට ඇතුල්වී කථාකොට: ඔබට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමෙන්ද ඔබට ප්‍රේමකරන්නන්ට වෛරවීමෙන්ද ඔබගේ ජීවිතයත් ඔබගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ජීවිතත් ඔබගේ භාර්යාවන්ගේ ජීවිතත් ඔබගේ උපභාර්යාවන්ගේ ජීවිතත් අද ගැළවුවාවූ ඔබගේ සියලු සේවකයන්ගේ මුහුණු ඔබ අද ලජ්ජා කෙළෙහිය. මක්නිසාද අධිපතීන්ගෙන්වත් සේවකයන්ගෙන්වත් ඔබට කමක් නැති බව ඔබ අද පෙන්නුවෙහිය. අප සියල්ලන්ම අද මැරුණත් අබ්සලොම් ඉතුරුවුණා නම් ඔබ ඉතා ප්‍රසන්නවන බව අද මට පෙනෙයි. එබැවින් දැන් නැගිට පිටතට ගොස් ඔබගේ සේවකයන්ට කරුණාවෙන් කථාකළ මැනවි. ඔබ පිටත නොගියොත් ඔබ සමඟ අද රෑ කිසිවෙක් නොසිටින බවට ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරමි. එයින් ඔබගේ බාලවයසේ පටන් දැන් දක්වා ඔබට සිදුවුණු සියලු අන්තරාවලට වඩා ඔබට අන්තරාවේයයි කීවේය. එවිට රජ නැගිට දොරටුවේ හිඳගත්තේය. රජ දොරටුවේ හිඳිනේයයි මුළු සෙනඟට දන්වනලද්දේය. මුළු සෙනඟද රජු ඉදිරියට ආවෝය. ඉශ්‍රායෙල්වරු තම තමුන්ගේ කූඩාරම්වලට පලාගොස් සිටියෝය.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 19:1-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය