1 සාමුවෙල් 13:7-11

1 සාමුවෙල් 13:7-11 SROV

සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය. ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය. එවිට සාවුල්: දවන පූජාව හා ශාන්ති පූජා මා ළගට ගෙනෙන්නැයි කීවේය. ඔහු දවන පූජාව ඔප්පුකෙළේය. ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය. සාමුවෙල්: නුඹ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්