1 සාමුවෙල් 13:7-11
1 සාමුවෙල් 13:7-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇතැම් හෙබ්රෙව්වෝ ගාද් දේශයටත්, ගිලියාද් දේශයටත් යොර්දාන් ගඟින් එතෙර ව ගියහ. එහෙත් සාවුල්, ගිල්ගාල්හි රැඳී සිටියේ ය. ඔහු සමඟ වූ මුළු සෙබළ පිරිස භයින් වෙවුලූහ. සාමුවෙල් නියම කළ කාලය වන හත් දවසක් සාවුල් බලා සිටියේ ය. එහෙත් සාමුවෙල් ගිල්ගාල් වෙත ආවේ නැත. මිනිස්සු ඔහු වෙතින් විසිර යන්නට වන්හ. එබැවින් සාවුල්, “දවන යාග පූජාවත්, ශාන්ති පූජාවත් මෙහි මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. මෙසේ සාවුල් දවන යාග පූජාව ඔප්පු කළේ ය. ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම වනවාත් සමඟ ම, සාමුවෙල් පැමිණියේ ය. ඔහුට ආචාර කරන පිණිස ඔහු හමු වන්නට සාවුල් පිටතට ගියේ ය. “මොනවද ඔබ මේ කළේ?” යි සාමුවෙල් ඇසී ය. එබැවින් සාවුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් මා වෙතින් විසිර යනවා මා දුටු නිසාත්, නියම කර ගත් වෙලාවට ඔබ නො ආ නිසාත්, පිලිස්තිවරුන් මික්මාස්හි එක් රැස් වී සිටි නිසාත්
1 සාමුවෙල් 13:7-11 Sinhala Revised Old Version (SROV)
සමහර හෙබ්රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය. ඔහු සාමුවෙල් විසින් නිමකර තිබුණු කාලයේ හැටියට සත් දවසක් නැවතී සිටියේය. නුමුත් සාමුවෙල් ගිල්ගාල්ට නාවේය; සෙනඟද ඔහු වෙතින් විසිර ගියෝය. එවිට සාවුල්: දවන පූජාව හා ශාන්ති පූජා මා ළගට ගෙනෙන්නැයි කීවේය. ඔහු දවන පූජාව ඔප්පුකෙළේය. ඔහු දවන පූජාව ඔප්පුකර තීන්දුවුණ හැටියේම සාමුවෙල් ආයේය; සාවුල්ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමගට ගියේය. සාමුවෙල්: නුඹ කුමක් කෙළෙහිදැයි ඇසීය. සාවුල් කථාකොට: සෙනඟ මා වෙතින් විසිර යන බවත් නියමකළ දවස් ඇතුළතදී ඔබ නා බවත් පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස්වී සිටින බවත් දුටු බැවින්
1 සාමුවෙල් 13:7-11 Sinhala New Revised Version (NRSV)
සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය. සාමුවෙල් නියම කළ පරිදි ඔහු එන තුරු සාවුල් සත් දවසක් බලා සිටියේ ය. එහෙත්, සාමුවෙල් ගිල්ගාල්ට නොපැමිණියේ ය. සෙනඟ ද ඔහු වෙතින් විසිර ගියෝ ය. එබැවින් සාවුල් ඔවුන් අමතා, “දවන යාග පූජාව හා සහභාගිකමේ පූජා මා ළඟට ගෙනෙන්නැ”යි කීවේ ය. සාවුල් දවන යාග පූජා ඔප්පු කෙළේ ය. ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම කළ හැටියේ ම සාමුවෙල් පැමිණියේ ය. සාවුල් ද ඔහුට ආචාර කරන පිණිස ඔහුගේ පෙරමඟට ගියේ ය. සාමුවෙල් ඔහු අමතා, “ඔබ කුමක් කෙළෙහි දැ”යි ඇසී ය. සාවුල් පිළිතුරු දෙමින්, “සෙනඟ මා අත්හැර යන බව මම දිටිමි; ඔබ එනවා යයි කී දවසේ දී නොපැමිණියෙහි ය; පිලිස්තිවරුන් මික්මාෂ්හි රැස් ව සිටින බවත් මම දිටිමි.
1 සාමුවෙල් 13:7-11 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 13:7-11 New International Version (NIV)
Some Hebrews even crossed the Jordan to the land of Gad and Gilead. Saul remained at Gilgal, and all the troops with him were quaking with fear. He waited seven days, the time set by Samuel; but Samuel did not come to Gilgal, and Saul’s men began to scatter. So he said, “Bring me the burnt offering and the fellowship offerings.” And Saul offered up the burnt offering. Just as he finished making the offering, Samuel arrived, and Saul went out to greet him. “What have you done?” asked Samuel. Saul replied, “When I saw that the men were scattering, and that you did not come at the set time, and that the Philistines were assembling at Mikmash