1 රාජාවලිය 1
1
දාවිත් රජුගේ මහලු කාලය. සාලමොන් රජවීම
1දාවිත් රජ මහලුව වයස්ගතව සිටිය කල වස්ත්‍රවලින් වසනු ලැබූ නුමුත් ඔහුට උණුහුම ලැබුණේ නැත. 2එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: රජ්ජුරුවන් ඉදිරියෙහි සිටීමටත් ඔබට සාත්තුකාරියක් වී අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට උණුහුම ලැබෙන පිණිස ඔබගේ ළයෙහි සැතපීමටත් සුදුසුවූ තරුණ කන්‍යාවක් අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සොයාදෙන්ට අපට අවසර ලැබේවයි කීවෝය. 3ඔව්හු ශෝභන තරුණියෙකු සියලු ඉශ්‍රායෙල් සීමා තුළ සොයා ෂුනම්මිය අබිෂග් සම්බවී ඈ රජු ළඟට ගෙනාවෝය. 4තරුණියද ඉතා ශෝභනව සිටියාය; ඈ රජුට සාත්තුකාරියක් වී ඔහුට මෙහෙවර කළාය. එහෙත් රජ ඈ නොහැඳින්නේය. 5එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය. 6නුඹ මෙසේ කළේ මන්දැයි කියා ඔහුගේ පියා කවදාවත් ඔහුට සැරකළේ නැත. තවද ඔහු ඉතා ශෝභමාන මනුෂ්‍යයෙක් විය; ඔහු අබ්සලොම්ට පසුව උපන්නේය. 7ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය. 8නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ. 9අදොනියා ඒන්-රොගෙල් ළඟ තිබෙන සොහෙලෙත් ගල ළඟදී බැටළුවන්ද හරකුන්ද තර වස්සන්ද මරා රජුගේ පුත්‍රයන්වූ තමාගේ සියලු සහෝදරයන්ද රජුගේ සේවකයන්වූ සියලු යූදා මනුෂ්‍යයන්ද කැඳෙවූවේය. 10නුමුත් ඔහු අනාගතවක්තෘවූ නාතාන්ද බෙනායාද බලවන්තයන්ද තමාගේ සහෝදරවූ සාලමොන්ද කැඳෙව්වේ නැත. 11එවිට නාතාන් සාලමොන්ගේ මව්වූ බැත්-ෂෙබාට කථාකොට: අපේ ස්වාමිවූ දාවිත් නොදැනුවත්ව හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා රජවී සිටින බව නුඹට සැලනොවීද? 12එබැවින් නුඹේ ජීවිතයත් නුඹේ පුත්‍රවූ සාලමොන්ගේ ජීවිතයත් නුඹ විසින් ආරක්ෂාකරගන්න පිණිස නුඹට දැනමුතුකමක් දෙන්ට මට අවසර ලැබේවා. 13නුඹ ගොස් දාවිත් රජු ළඟට පැමිණ ඔහුට කථාකොට: මගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී ඔහු මාගේ සිංහාසනය පිට හිඳගන්නේය කියා ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරුම් දුන්නා නොවේද? එසේවීනම් අදොනියා රජ වී සිටින්නේ මන්දැයි ඔහුට කියන්න. 14නුඹ එහි රජ්ජුරුවන් සමඟ කථාකරද්දීම මමත් නුඹට පසුව ඇවිත් නුඹේ වචන ස්ථිර කරන්නෙමියි කීවේය. 15බැත්-ෂෙබා ඇතුල්ගෙයි සිටි රජු ළඟට ගියාය. රජ ඉතා මහලුව සිටියේය; ෂුනම්මිය අබිෂග් රජුට මෙහෙකරමින් සිටියාය. 16බැත්-ෂෙබා නැමී රජුට වැන්දාය. නුඹට ඕනෑ මොකදැයි රජ ඇසුවේය. 17එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරමින්–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගන්නේයයි කීවෙහිය. 18එහෙත් දැන් අදොනියා රජව සිටියි. මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ එය නොදන්නෙහිය. 19ඔහු හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද පූජකවූ අබියාතර්ද සේනාපතිවූ යෝවාබ්ද කැඳෙව්වේය. නුමුත් ඔහු ඔබගේ සේවකයාවූ සාලමොන් කැඳෙවුවේ නැත. 20ඉතින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබට පසුව මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සිංහාසනය පිට හිඳගත යුත්තේ කවුද කියා ඔබ විසින් ඉශ්‍රායෙල්වරුන්ට දන්වනවා ඇත කියා ඔවුන් සියල්ලෝ බලා සිටිති. 21එසේ නොකළොත් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් තමන්ගේ පියවරුන් සමඟ සැතපුණාම මාද මාගේ පුත්‍රවූ සාලමොන්ද වරදකාරයන් වෙනවා ඇතැයි ඔහුට කීවාය. 22ඈ රජු සමඟ කථාකරද්දීම අනාගතවක්තෘවූ නාතාන් ඇතුළට ආයේය. 23අනාගතවක්තෘවූ නාතාන් ඇවිත් ඉන්නේය කියා රජුට දැන්වූ කල ඔහු රජු ඉදිරියට ඇවිත් මුහුණින් බිමට නැමී රජුට වැන්දේය. 24නාතාන් කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අදොනියා මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගත යුතුය කියා ඔබ කීයෙහිද? 25මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී–අදොනියා රජු සැරදේවයි කියති. 26නුමුත් ඔහු මා, එසේය, ඔබගේ මෙහෙකරුවූ මාද පූජකවූ ශාදොක්ද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද ඔබගේ මෙහෙකරුවූ සාලමොන්ද කැඳෙවුවේ නැත. 27මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට පසු ස්වකීය සිංහාසනයෙහි හිඳගත යුත්තේ කවුද කියා ඔබගේ මෙහෙකරුවන්ට නොදන්වා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් විසින් මේ දේ කරනලද්දේදැයි ඇසුවේය. 28එවිට දාවිත් රජ උත්තරදෙමින්: බැත්-ෂෙබා මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඈ රජු වෙතට ඇවිත් රජු ඉදිරියෙහි සිටියාය. 29එවිට රජ කථාකොට: සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදුවාවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, 30සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මා වෙනුවට මාගේ සිංහාසනයෙහි හිඳින්නේය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මා විසින් නුඹට දිවුරුම් දුන් ලෙසම සැබවින් අද දවසේ කරමියි කියා දිවුළේය. 31එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය. 32තවද දාවිත් රජ: ශාදොක් පූජකයාත් නාතාන් අනාගතවක්තෘත් යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාත් මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඔව්හු රජු ඉදිරියට ආවෝය. 33රජද: නුඹලාගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න. 34එහිදී ශාදොක් පූජකයා සහ නාතාන් අනාගතවක්තෘ ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේප කෙරෙත්වා. නුඹලාත් හොරණෑව පිඹ–සාලමොන් රජු සැරදේවයි කියන්න. 35එවිට නුඹලා ඔහු අනුව නැගී එන්න, ඔහුද ඇවිත් මාගේ සිංහාසනය පිට හිඳ ගනීවා; ඔහුම මා වෙනුවට රජ වන්නේය. ඔහු ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමියි ඔවුන්ට කීවේය. 36එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා රජුට උත්තරදෙමින්: ආමෙන්. මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් එසේ කියනසේක්වා. 37ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සමඟ සිටියාක් මෙන්ම සාලමොන් සමඟත් සිට ඔහුගේ සිංහාසනය මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවන්ගේ සිංහාසනයටත් වඩා උතුම් කරනසේක්වයි කීවේය. 38මෙසේ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුද පෙලෙතිවරුද බැස ගොස් දාවිත් රජුගේ අශ්වතරයා පිට සාලමොන් නංවාගන ගීහොන්ට ගියෝය. 39ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය. 40මුළු සෙනඟ ඔහු අනුව ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම්වූ ඔවුන්ගේ ශබ්දයෙන් මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණෝය. 41එවිට ඔවුන් කා තීන්දුවෙන කොටම අදොනියාටද ඔහු සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලන්ටද ඒ ඇසුණේය. යෝවාබ් හොරණෑ ශබ්දය අසා: නුවර කලඹන මේ ඝෝෂාව මොකක් නිසාදැයි ඇසීය. 42ඔහු කථාකරද්දීම අබියාතර් පූජකයාගේ පුත්‍රවූ යොනාතාන් ආයේය. එවිට අදොනියා කථාකොට: ඇතුළට එන්න; නුඹ විශ්වාස මනුෂ්‍යයෙක්ය, නුඹ හොඳ ආරංචි ගෙනෙනවා ඇතැයි ඔහුට කීවේය. 43යොනාතාන් උත්තරදෙමින්: නැත, අපේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සැබවින් සාලමොන් රජකමට පත්කළාහ. 44රජ ඔහු සමඟ ශාදොක් පූජකයාද නාතාන් අනාගතවක්තෘද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද යැවුවේය, ඔව්හු රජුගේ අශ්වතරයා පිට ඔහු නැංගෙවුවෝය. 45ශාදොක් පූජකයා හා නාතාන් අනාගතවක්තෘ ගීහොන්හිදී ඔහු රජකොට ආලේපකළෝය. නුවර පිළිරැව්දෙන තරම් ඔව්හු ප්‍රීතිවෙවී එතැනින් නැගී ආවෝය. නුඹලාට ඇසුණු ඝෝෂාව ඒකය. 46තවද සාලමොන් රාජ සිංහාසනය පිට හිඳින්නේය. 47ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය. 48තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය. 49එවිට අදොනියා සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලෝම භයපත්වී නැගිට එකිනෙකා තම තමාගේ ස්ථානයට ගියෝය. 50අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය. 51අදොනියා සාලමොන් රජුට භයවී–සාලමොන් රජු තමාගේ මෙහෙකරුවා කඩුවෙන් නොමරන ලෙස අද මට දිවුරාවායි කියමින් පූජාසනයේ අං අල්ලාගෙන සිටීයයි සාලමොන්ට දන්වනලද්දේය. 52සාලමොන්ද: ඔහු විශ්වාස මනුෂ්‍යයෙක් බව පෙනුණොත් ඔහුගේ හිසකෙසක්වත් බිම නොවැටෙන්නේය. නුමුත් ඔහු අත නපුරුකම සම්බවුණොත් ඔහු නසින්නේයයි කීවේය. 53එවිට සාලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්විය. ඔහු ඇවිත් සාලමොන් රජුට වැන්දේය. සාලමොන්ද: නුඹේ ගෙට යන්නැයි ඔහුට කීවේය.
දැනට තෝරාගෙන ඇත:
1 රාජාවලිය 1: SROV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Ceylon Bible Society

: