උපභාර්යාවන්ගේ පුත්‍රයන් ඇතුළුව මොවුන් සියල්ලෝ දාවිත්ගේ පුත්‍රයෝය; තාමර් මොවුන්ගේ සහෝදරීය. සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම්ය, ඔහුගේ පුත්‍රයා අබියාය, ඔහුගේ පුත්‍රයා ආසාය, ඔහුගේ පුත්‍රයා යෙහෝෂාපාට්ය; ඔහුගේ පුත්‍රයා යොරාම්ය, ඔහුගේ පුත්‍රයා අහසියාය, ඔහුගේ පුත්‍රයා යෝවාෂ්ය; ඔහුගේ පුත්‍රයා අමශියාය, ඔහුගේ පුත්‍රයා අසරියාය, ඔහුගේ පුත්‍රයා යෝතාම්ය; ඔහුගේ පුත්‍රයා ආහාස්ය, ඔහුගේ පුත්‍රයා හෙසකියාය, ඔහුගේ පුත්‍රයා මනස්සේය; ඔහුගේ පුත්‍රයා ආමොන්ය, ඔහුගේ පුත්‍රයා යොෂියාය. යොෂියාගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා යෝහානාන්ය, දෙවෙනියා යෙහෝයාකිම්ය, තුන්වෙනියා ශෙදෙකියාය, හතරවෙනියා ෂල්ලුම්ය. යෙහෝයාකිම්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ යෙකොනියා සහ ඔහුගේ පුත්‍රවූ ශෙදෙකියාය. හිරකාරවූ යෙකොනියාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රවූ ෂෙයල්තියෙල් සහ මල්කිරාම්, පෙදායා, ෂෙනශ්ශර්, යෙකමියා, හෝෂාමා සහ නෙදබියාය. පෙදායාගේ පුත්‍රයෝ නම්: සෙරුබ්බාබෙල් සහ ෂිමෙයිය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ නම්: මෙෂුල්ලාම් සහ හනනියාය; ඔවුන්ගේ සහෝදරී ෂෙලෝමිත්ය.
1 වංශාවලිය 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 වංශාවලිය 3:9-19
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ