1
ගීතාවලිය 18:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය; මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය. මා පිළිසරණ ලබන මගේ පර්වතය ය, මගේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පලිහ ය; මගේ ගැලවීමේ අඟ ය; මගේ සැඟවුම් පොළ ය.
සසඳන්න
ගීතාවලිය 18:2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 18:30
දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය; ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය.
ගීතාවලිය 18:30 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 18:3
ප්රශංසා ලැබීමට සුදුස්සාණන් වූ ස්වාමින්වහන්සේට මම හඬ ගසමි; එසේ, මගේ සතුරන්ගෙන් මම ගලවනු ලබමි.
ගීතාවලිය 18:3 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 18:6
මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි; පිහිට ඉල්ලා, මගේ දෙවියන්වහන්සේට මොර ගැසීමි; ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; මගේ මොරගෑම උන්වහන්සේ අබියසට ගොස්, උන්වහන්සේගේ සවන් වැකිණ.
ගීතාවලිය 18:6 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 18:28
අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මගේ පහන, දැල්වෙමින් තබන සේක; මගේ දෙවියන්වහන්සේ මගේ අඳුර, ආලෝකයට හරවන සේක.
ගීතාවලිය 18:28 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 18:32
ශක්තියෙන් මා සන්නද්ධ කරන්නේ ද මගේ මාවත පරිපූර්ණ කරන්නේ ද දෙවියන්වහන්සේ ය.
ගීතාවලිය 18:32 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 18:46
ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා! මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ උසස් වේවා!
ගීතාවලිය 18:46 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ