1
ගීතාවලිය 139:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
මහා භයානක ලෙසත්, පුදුමාකාර ලෙසත් මා තනා ඇති බැවින් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබගේ වැඩ පුදුමාකාර ය; මගේ ජීවය හොඳින් ඒ වග දනී.
සසඳන්න
ගීතාවලිය 139:14 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 139:23-24
මා සෝදිසි කර මගේ හදවත දැනගත මැනව; අහෝ දෙවියන්වහන්ස, මා පිරික්සා බලා, මගේ තැවුල් සිතුවිලි දැනගත මැනව. ඔබට විරෝධී යම් මාර්ගයක් මා තුළ වේ දැයි බැලුව මැනව; සදාතන මාවතෙහි මට මගපෙන්වුව මැනව.
ගීතාවලිය 139:23-24 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 139:13
මගේ අභ්‍යන්තර කොටස් නිමැවූයේ ඔබ ය. මගේ මව් කුස තුළ මා හැඩගැස්සුවේ ඔබ ය.
ගීතාවලිය 139:13 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 139:16
මගේ රූපකාය සෑදෙන්නටත් පෙර, ඔබගේ ඇසට මා පෙනුණි; මා උදෙසා නිර්මිත දවස් ගණන, ඒ එකකුදු උදාවන්නටත් පෙර, ඔබගේ පොතේ ලියනු ලැබිණ.
ගීතාවලිය 139:16 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 139:1
අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා සෝදිසි කළ සේක්, මා කවුරුන්දැයි දැනගත් සේක.
ගීතාවලිය 139:1 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 139:7
ඔබගේ ආත්මය වෙතින් මට බැහැර ව ගිය හැක්කේ කොතැනකට ද? ඔබ අබියසින් මට පලා යා හැක්කේ කොතැනකට ද?
ගීතාවලිය 139:7 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 139:2
මගේ හිඳගැනීමත්, මගේ නැගිටීමත් දන්නා ඔබවහන්සේ, මගේ සිතුම් පැතුම්, දුර තියාම වටහා ගන්නා සේක.
ගීතාවලිය 139:2 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 139:4
මගේ දිව අගට වචනයක් නැගෙන්නටත් පෙර, අහෝ ස්වාමින්වහන්ස, ඔබ මුළුමනින් ම එය දන්නා සේක.
ගීතාවලිය 139:4 ගවේෂණය කරන්න
9
ගීතාවලිය 139:3
මගේ පිටත් ව යෑම් හා මගේ විවේක ගැනීම් ගැන විමසිල්ලෙන් සිටින ඔබ, මගේ මුළු ජීවිත රටාව ගැන මැනවින් දන්නා සේක.
ගීතාවලිය 139:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ