1
ගීතාවලිය 1:1-2
සිංහල කාලීන පරිවර්තනය
SCV
දුදනන්ගේ උපදෙස් අනුව නො යන, පවිටුන්ගේ මාර්ගයේ නො ගැවසෙන, ගරහන්නන්ගේ ආසනයේ නො හිඳින, මිනිසා භාග්‍යවත් ය. ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීම, ඔහුගේ ප්‍රමෝදයයි. උන්වහන්සේගේ ව්‍යවස්ථාව, ඔහු දිවා රැයේ මෙනෙහි කරයි.
සසඳන්න
ගීතාවලිය 1:1-2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 1:3
ඔහු, නිසි වාරයට පල හට ගැන්වෙන, කොළ අතු මැලවී නො හැලෙන, දිය පාරක් අසබඩ සිට වූ ගසක් වැන්න, කරන කවර දෙයකදී වුව ඔහු සඵල වෙයි.
ගීතාවලිය 1:3 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 1:6
මන්ද, ධර්මිෂ්ඨයින්ගේ මාර්ගය, ස්වාමින්වහන්සේ රැක බලාගන්නා සේක. එහෙත්, දුදනන්ගේ මාර්ගය, විනාශයට දිවෙන්නේ ය.
ගීතාවලිය 1:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ