මා පුත, ඔබ මගේ වචන පිළිගෙන,
මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්නේ නම්,
ප්රඥාවට ඔබේ සවන් යොමා,
අවබෝධයට ඔබේ හද විවර කරන්නේ නම්,
ඇත්තෙන් ම ඔබ අවබෝධයට හඬ ගසා,
බුද්ධියට ඔබේ කටහඬ අවදිකරන්නේ නම්,
ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්,
සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්,
ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත;
දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත.