1
හිතෝපදේශ 1:7-8
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට භයවීම, ප්රඥාවේ පටන් ගැන්ම ය; එහෙත් අඥානයෝ ප්රඥාව ද උපදෙස ද සුළු කොට තකති. සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත; ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න.
සසඳන්න
හිතෝපදේශ 1:7-8 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 1:32-33
මන්ද මෙම අනුවණයින්ගේ මුරණ්ඩුකම ඔවුන් නසා දමයි; අඥානයින්ගේ උදාසීනත්වය ඔවුන් වනසා දමයි. එහෙත් මට සවන් දෙන කවුරු නමුත්, උපද්රවයනට බිය නො වී, සැනසිලි සුවයෙන්, සුරක්ෂිත ව ජීවිතය භුක්ති විඳින්නෝ ය.
හිතෝපදේශ 1:32-33 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 1:5
ප්රඥාවත්හු සවන් දී, තම උගත්කම වැඩි කර ගනිත්වා! බුද්ධිමත්හු නිපුණතාව ලබාගනිත්වා!
හිතෝපදේශ 1:5 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 1:10
මා පුත, පව්කරුවෝ ඔබ පොලඹවන කල, ඔවුනට අවනත නො වන්න.
හිතෝපදේශ 1:10 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 1:1-4
දාවිත්ගේ පුත්රයා වන ඉශ්රායෙල් රජු වූ සාලමොන්ගේ හිතෝපදේශ: මේවා, ප්රඥාව හා උපදෙස දැනගැන්මටත්, අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය. නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින් හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය. නුවණ මද අයට සිහි නුවණ ද යෞවනයනට අවබෝධය හා විචක්ෂණ බුද්ධිය ද ගෙන දීමටත් ය.
හිතෝපදේශ 1:1-4 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 1:28-29
එවිට ඔවුන් මට හඬ ගසනු ඇත, එහෙත් මම උත්තර නො දෙන්නෙමි; ඔවුන් දැඩි උවමනාවෙන් මා සොයනු ඇත, එහෙත් ඔවුනට මා සම්භ වන්නේ නැත. ඔවුන් නැණ නුවණට ද්වේෂ කළ නිසා, ස්වාමින්වහන්සේට භයවීම තෝරා නො ගත් නිසා
හිතෝපදේශ 1:28-29 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ