1
හිතෝපදේශ 11:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
ත්‍යාගශීලී මිනිසා ඉසුරුමත් වෙයි; අන්‍යයනට පැන් වත් කරන තැනැත්තාට පැන් වත් කරනු ලබයි.
සසඳන්න
හිතෝපදේශ 11:25 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 11:24
කෙනෙක් නො මසුරු ව දෙන නමුදු, බහුල ව අත්කර ගන්නේ ය; තව කෙනෙක් මසුරු ව, දිය යුතු ව තිබූ දෑ නො දී සිටි නමුදු හිඟකමට පත් වන්නේ ය.
හිතෝපදේශ 11:24 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 11:2
උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ; එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ.
හිතෝපදේශ 11:2 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 11:14
නිසි මග පෙන්වීමක් නැති විට ජාතියක් ඇද වැටේ; එහෙත් අනුශාසකයන් බොහෝ වූ කල, ජයග්‍රහණය ඇත.
හිතෝපදේශ 11:14 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 11:30
දමිටුන්ගේ පල ජීවන වෘක්ෂයකි; මිනිසුන් දිනන්නා ප්රඥාවතෙකි.
හිතෝපදේශ 11:30 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 11:13
ඕපාදූප කියන තැනැත්තා රහස් හෙළි කරයි; එහෙත් විශ්වාසවන්ත මිනිසා රහසක් රැක ගනී.
හිතෝපදේශ 11:13 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 11:17
කාරුණික මිනිසා තමාට ම සෙතක් සලසා ගනී; එහෙත් කුරිරු මිනිසා තමා පිට කරදර පටවා ගනී.
හිතෝපදේශ 11:17 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 11:28
තම වස්තුව පිට විශ්වාසය තබන කවුරු නමුත් වැටී යයි; එහෙත් දමිටු මිනිසා අමු කොළයක් මෙන් සඵල වෙයි.
හිතෝපදේශ 11:28 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 11:4
උදහසේ දවසේදී ධන සම්පත් පලක් නො වේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් නිදහස් කරයි.
හිතෝපදේශ 11:4 ගවේෂණය කරන්න
10
හිතෝපදේශ 11:3
ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ.
හිතෝපදේශ 11:3 ගවේෂණය කරන්න
11
හිතෝපදේශ 11:22
සුරූපී වුව ද, බුද්ධි හීන කාන්තාව ඌරකුගේ හොම්බෙහි ලූ රන් මුදුවක් වැන්න.
හිතෝපදේශ 11:22 ගවේෂණය කරන්න
12
හිතෝපදේශ 11:1
වංචනික තරාදි, ස්වාමින්වහන්සේට පිළිකුලකි; එහෙත් නිවැරදි කිරුම්-මිනුම් උන්වහන්සේට ප්‍රසන්න ය.
හිතෝපදේශ 11:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ