“එහෙත් ඔවුහු එනම් අපගේ පියවරු පමණට වඩා අහංකාර ව, තද මුරණ්ඩු ලෙස ඔබගේ ආඥාවලට කීකරු නො වූහ. ඔබවහන්සේට සවන් දීම ප්‍රතික්ෂේප කළ ඔවුහු ඔබ ඔවුන් අතරේ කළ හාස්කම් සිහි නො කර, තද මුරණ්ඩු ව, තම කැරලිකාරකමෙන් ඊජිප්තුවේ තම වහල්කමට ආපසු හැරී යන පිණිස නායකයකු පත් කර ගත්හ. එහෙත් ඔබවහන්සේ කමාව දෙන්නට සූදානමින් සිටින, දයාන්විත, අනුකම්පා සහගත, වහා නො කිපෙන සුළු වූ, නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත දෙවියන්වහන්සේ ය