“පුතෙක් තම පියාට ගෞරව කරයි. සේවකයෙක් තම ස්වාමියාට ගෞරව කරයි.
“එසේ නම්, මගේ නාමය නීච කොට සලකන එම්බා පූජකයිනි, මා පියකු නම්, මට ලැබිය යුතු ගෞරවය කොහේ ද? මා ස්වාමියකු නම්, මට ලැබිය යුතු ගෞරවය කොහේ දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ අසන සේක.
“එහෙත් ‘ඔබගේ නාමය අප නීච කොට සැලකූයේ කෙලෙසක දැ?’ යි නුඹලා අසති.