1
යෝවෙල් 2:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
“දැන්වත්, උපවාසයෙන් ද හැඬීමෙන් ද වැලපීමෙන් ද යුතු ව ඔබේ මුළු හදින් මා වෙත හැරී එන්නැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
සසඳන්න
යෝවෙල් 2:12 ගවේෂණය කරන්න
2
යෝවෙල් 2:28
“එයින් පසු, මෙසේ සිදු වන්නේ ය. මම මගේ ආත්මයාණන් මාංසමය සියල්ලන් පිට වගුරුවමි. ඔබේ පුතුන් ද දූවරුන් ද දිවැසි වැකි පවසනු ඇත. ඔබේ වැඩිමහල් මිනිසුන් ස්වප්න දකිනු ඇත, ඔබේ තරුණයින් දර්ශන දකිනු ඇත.
යෝවෙල් 2:28 ගවේෂණය කරන්න
3
යෝවෙල් 2:13
ඔබගේ හැඳිවත් නො ව, ඔබගේ හදවත් ඉරාගෙන, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න. මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක.
යෝවෙල් 2:13 ගවේෂණය කරන්න
4
යෝවෙල් 2:32
තවද, ස්වාමින්වහන්සේගේ නාමයෙන් අයදින හැම කෙනෙක් ම ගලවනු ලබන්නේ ය. මන්ද, ස්වාමින්වහන්සේ කියා ඇති පරිදි, ස්වාමින්වහන්සේගෙන් කැඳවීම ලබන ජීවත් ව සිටින්නන් අතරේ, සියොන් කන්ද පිට හා යෙරුසලම තුළ මිදීම සිදු වන්නේ ය.
යෝවෙල් 2:32 ගවේෂණය කරන්න
5
යෝවෙල් 2:31
ස්වාමින්වහන්සේගේ ඒ මහා, භයංකර දවස පැමිණෙන්නට පළමු හිරු අන්ධකාරයට හැරෙන්නේ ය; සඳු ලෙයට හැරෙන්නේ ය.
යෝවෙල් 2:31 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ