1
යෝවෙල් 1:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
ශුද්ධ වූ උපවාසයක් ප්‍රකාශ කර, ශුද්ධ එක් රැස්වීමක් කැඳවන්න. වැඩිහිටියන් ද දේශයේ වෙසෙන සියල්ලන් ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහයට කැඳවා, ස්වාමින්වහන්සේට කන්නලව් කරන්න.
සසඳන්න
යෝවෙල් 1:14 ගවේෂණය කරන්න
2
යෝවෙල් 1:13
එම්බා පූජකයිනි, ගෝණි රෙදි හැඳ, වැලපෙන්න; පූජාසනයේ තේවාකරන්නනි, විලාප නගන්න. මගේ දෙවියන්වහන්සේ අබියස තේවාකරන්නනි, එන්න, ගෝනි රෙදි හැඳ ඇවිත්, රැය ගත කරන්න. මන්ද, ධාන්‍ය පූජා හා පාන පූජා, ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් වළකනු ලැබ ඇත.
යෝවෙල් 1:13 ගවේෂණය කරන්න
3
යෝවෙල් 1:12
මිදි වැල් වියළී ගොසිනි; අත්තික්කා ගස් මැලවී ගොසිනි; දෙළුම්, ඉඳි හා ඇපල් ගස් ද එසේ ම ය. කෙත් වත්හි සියලු ගස්, වැල්, කොළ වියළී ගොසිනි; මිනිස් වර්ගයාගේ සතුට මැලවී ගොසිනි.
යෝවෙල් 1:12 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ