1
යාකොබ් 1:2-3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මා සහෝදරයිනි, නොයෙක් විදියේ පරීක්ෂාවනට ඔබ මුහුණ පාන කල, ඒවා මහා ප්‍රීතියකැයි සලකන්න. මන්ද පරීක්ෂාවනට මැදිවීමෙන් ඔබේ ඇදහිල්ල, ස්ථිරත්වය උපද්ද වන වග ඔබ දන්නා බැවිනි.
සසඳන්න
යාකොබ් 1:2-3 ගවේෂණය කරන්න
2
යාකොබ් 1:5
ඔබගෙන් යමකු ප්‍රඥාවෙන් හීන නම්, ඔහු ඉල්ලා සිටිය යුත්තේ, වැරදි නො සොයා සියල්ලන්ට නො මසුරු ව දෙන දෙවියන්වහන්සේගෙනි; ඔහුට එය ලැබෙනු ඇත.
යාකොබ් 1:5 ගවේෂණය කරන්න
3
යාකොබ් 1:19
මෙය සිහි තබා ගන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, හැම කෙනෙක් ම ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න. කෝපවීමටත් පමා වන්න.
යාකොබ් 1:19 ගවේෂණය කරන්න
4
යාකොබ් 1:4
ඔබ කිසි අඩුවක් නැතිව, සම්පූර්ණ ව හා පරිපූර්ණ ව සිටින පිණිස, ස්ථිරත්වය සම්පූර්ණයෙන් ම ක්‍රියාකාරී වෙත්වා.
යාකොබ් 1:4 ගවේෂණය කරන්න
5
යාකොබ් 1:22
එහෙත් එය අසන්නන් පමණක් නො වී, තමන් නො රවටාගෙන, වචනය පිළිපදින්නන් වන්න.
යාකොබ් 1:22 ගවේෂණය කරන්න
6
යාකොබ් 1:12
පරීක්ෂා මැද නො සැලී ස්ථිර ව සිටින මිනිසා භාග්‍යවත් ය. මන්ද ඔහු ඒ පරීක්ෂා ඉසිලූ පසු, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ ජීවනයේ ඔටුන්න ලබන්නේ ය.
යාකොබ් 1:12 ගවේෂණය කරන්න
7
යාකොබ් 1:17
හැම හොඳ ත්‍යාගයක් ම, හැම සම්පූර්ණ ත්‍යාගයක් ම වෙනස් වීමක් හෝ වෙනස් වීමේ සේයාවක් හෝ නැති ආලෝකයේ පියාණන්වහන්සේ වෙතින් ඉහළ සිට බැස එයි.
යාකොබ් 1:17 ගවේෂණය කරන්න
8
යාකොබ් 1:23-24
වචනය අසන්නකු වන නමුත්, එය නො පිළිපදින්නකු වන කවරකු වුව, ඕනෑකමින් කැඩපතකින් තම ස්වාභාවික මුහුණ බලන මිනිසකුට සමාන ය. මන්ද ඔහු තමා දිහා බලා, පිටත් ව ගොස්, තමා කෙබඳුදැයි විගස අමතක කරයි.
යාකොබ් 1:23-24 ගවේෂණය කරන්න
9
යාකොබ් 1:27
පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය.
යාකොබ් 1:27 ගවේෂණය කරන්න
10
යාකොබ් 1:13-14
පරීක්ෂා කරනු ලබන කල, කිසිවෙක්, “දෙවියන්වහන්සේ මා පොලඹවන සේකැ” යි නො කියත්වා! මන්ද නපුර විසින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළ නො හැක; උන්වහන්සේ කිසිවකු පරීක්ෂා කරන්නේ ද නැත. එහෙත් එක් එක් මනුෂ්‍යයා පොලඹවනු ලබන්නේ, තමාගේ ම තෘෂ්ණාවනට වසඟ වී ඉන් ඇවිස්සුණු කල්හි ය.
යාකොබ් 1:13-14 ගවේෂණය කරන්න
11
යාකොබ් 1:9
පහත් ව සිටින සහෝදරයා, පාරට්ටු කර ගත යුත්තේ තම උසස්වීම ගැන ය
යාකොබ් 1:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ