1
යෙසායා 63:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන්ගේ සියලු පීඩාවන්හි දී උන්වහන්සේ ද පීඩාවට පත් වූ සේක්, ඔවුන් ගැලවූයේත්, උන්වහන්සේගේ අභිමුඛයේ දූතයා ය. ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් උන්වහන්සේ ඔවුන් මුදා ගත් සේක්, පුරාණයේ සියලු දවස්හි ඔවුන් ඔසවා, රැගෙන ගිය සේක.
සසඳන්න
යෙසායා 63:9 ගවේෂණය කරන්න
2
යෙසායා 63:7
ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ද ස්වාමින්වහන්සේගේ ප්‍රශංසනීය ක්‍රියාවන් ද මම නැවත ගණින්නෙමි: ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් ප්‍රදාන කර ඇති සියල්ලට හා ඉශ්රායෙල් වංශය උදෙසා වූ ඉමහත් යහපතට අනුව උන්වහන්සේගේ දයානුකම්පාවටත්, අපරිමිත නොමියෙන ප්‍රේමයටත් අනුව උන්වහන්සේ ඒවා ප්‍රදාන කර ඇත්තේ ය.
යෙසායා 63:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ