1
යෙසායා 19:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
සේනාංකවල ස්වාමින්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරමින්, “මගේ ජනයා වන ඊජිප්තුවත්, මගේ හස්ත කර්මාන්තය වන අසිරියාවත්, මගේ උරුමය වන ඉශ්රායෙලයත් ආශිර්වාදිත වේවා!” යි කියන සේක.
සසඳන්න
යෙසායා 19:25 ගවේෂණය කරන්න
2
යෙසායා 19:20
එය, සේනාංකවල ස්වාමින්වහන්සේට ඊජිප්තුවෙහි ලකුණක් ද සාක්ෂියක් ද වනු ඇත. තම පීඩකයින් නිසා, ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගසන කල, උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් සටන් කිරීමට මිදුම්කරුවකු යවා, ඔවුන් ගලවා ගනු ඇත.
යෙසායා 19:20 ගවේෂණය කරන්න
3
යෙසායා 19:1
ඊජිප්තුව පිළිබඳ දිව්‍ය ප්රකාශනයකි. මෙන්න! ස්වාමින්වහන්සේ ශීඝ්‍ර වලාවක නැගී, ගමන් කරන සේක්, ඊජිප්තුවට පැමිණෙන සේක. ඊජිප්තුවේ පිළිම රූප උන්වහන්සේ අබියස වෙවුලයි. ඊජිප්තුවරුන්ගේ හදවත් ඔවුන් තුළෙහි දියවී යන්නේ ය.
යෙසායා 19:1 ගවේෂණය කරන්න
4
යෙසායා 19:19
ඒ දවසේ ඊජිප්තු දේශය මධ්‍යයෙහි ස්වාමින්වහන්සේට පූජාසනයක් වනු ඇත. එහි දේශ සීමාවේ ස්වාමින්වහන්සේට ස්මාරකයක් ද වනු ඇත.
යෙසායා 19:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ