1
යෙසායා 1:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
“දැන් එන්න, අපි එක් වී, කතිකා කර ගනිමු” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබේ පව් තද රත් පැහැ වැනි වුව ද, ඒවා හිම මෙන් සුදු වනු ඇත. ඒවා රතට රතේ තිබුණ ද, සුදු ලෝම මෙන් වනු ඇත.
සසඳන්න
යෙසායා 1:18 ගවේෂණය කරන්න
2
යෙසායා 1:19
ඔබ කැමති වන්නේ නම්, කීකරු වන්නේ නම්, දේශයේ හොඳ ම දේ භුක්ති විඳිනු ඇත.
යෙසායා 1:19 ගවේෂණය කරන්න
3
යෙසායා 1:17
හොඳ දේ කරන්නට ඉගෙන ගන්න. යුක්තිය ම සොයන්න. පීඩා කරන්නන් නිවැරදි කරන්න. පියා නැති අනාථ දරුවන්ගේ අයිතීන් රකින්න. වැන්දඹුවන් වෙනුවෙන් ඉදිරිපත් වන්න.
යෙසායා 1:17 ගවේෂණය කරන්න
4
යෙසායා 1:20
එහෙත් ඔබ විරෝධය පා, කැරලි ගසන්නේ නම්, කඩු මුවහතට ඔබ ගොදුරු වනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේගේ ම මුවින් එසේ පවසා තියේ.
යෙසායා 1:20 ගවේෂණය කරන්න
5
යෙසායා 1:16
ඔබ ම සෝදාගෙන, ඔබ ම පවිත්‍ර වන්න. මගේ ඇස් ඉදිරියෙන් ඔබේ දුෂ්ට ක්‍රියා ඉවත් කර ගන්න. වැරදි කිරීම නවතන්න.
යෙසායා 1:16 ගවේෂණය කරන්න
6
යෙසායා 1:15
ඔබේ අත් ඔබ දිගු කරන කල, මම ඔබ වෙතින් මගේ ඇස් සඟවා ගන්නෙමි. වඩ වඩාත් ඔබ යාච්ඤා කළත්, මම සවන් නො දෙන්නෙමි. ඔබේ අත් ලෙයින් පිරී ඇත.
යෙසායා 1:15 ගවේෂණය කරන්න
7
යෙසායා 1:13
නිරර්ථක පූජා ගෙන ඒම නවත්වන්න. ඔබේ සුවඳ දුම් පූජා මට පිළිකුලකි. නව සඳ හා සබත් ද සභා සමුළු යන ඔබේ දුෂ්ට එක් රැස්වීම් මට දැරිය නො හැක.
යෙසායා 1:13 ගවේෂණය කරන්න
8
යෙසායා 1:3
ගොනා උගේ හාම්පුතා ද බූරුවා උගේ හිමිකරුගේ ගාල ද දනියි. එහෙත් ඉශ්රායෙල් දන්නේ නැත; මගේ ජනයා වටහා ගන්නේ නැත.”
යෙසායා 1:3 ගවේෂණය කරන්න
9
යෙසායා 1:14
ඔබේ නව සඳ උත්සවවලට හා ඔබේ නියමිත මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට බරක් වී ඇත. ඒවා දැරීමෙන්, මම වෙහෙසට පත් ව සිටිමි.
යෙසායා 1:14 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ