එවිට ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්,
“දර්ශනය ලියාගන්න.
එය කියවන්නා පණිවුඩය රැගෙන දුව යන පිණිස,
පුවරුවක එය සටහන් කරන්න.
මන්ද දර්ශනය, එහි නියමිත කාලය තෙක් බලා සිටී.
එය ඉලක්කය දෙසට කඩිනම් වෙයි.
එය නිෂ්ඵල නො වෙයි.
ඊට කල් ගත වූවත්, ඒ ගැන බලා සිටින්න.
නිසැකයෙන් ම එය පැමිණේ.
එය පමා නො වේ.