1
හබක්කුක් 1:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ජාතීන් දෙස බලා, විමසුම් කර, පුදුමයෙනුත් පුදුමයට පත් වනු! මන්ද ඔබට කියූවත් ඔබ විශ්වාස නො කරන යම් දෙයක් ඔබේ දවස්වල මම කරන්නෙමි.
සසඳන්න
හබක්කුක් 1:5 ගවේෂණය කරන්න
2
හබක්කුක් 1:2
අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කල් උදවු ඉල්ලා මා හඬ ගසන්න ද? කෝ! ඔබ අසන්නේ නැත. “සැහැසිකම ය” කියමින්, ඔබට මම මොර ගසමි. කෝ! ඔබ ගලවන්නේ නැත.
හබක්කුක් 1:2 ගවේෂණය කරන්න
3
හබක්කුක් 1:3
අයුක්තිය දකින්නට ඔබ මට ඉඩ සලසන්නේ ඇයි? වැරැද්දට ඔබ ඉඩ හැර ඇත්තේ මන්ද? මා ඉදිරිපිට ඇත්තේ විනාශයත්, සැහැසිකමත් ය. ආරවුල් පැන නැගේ. ගැටුම් අධික වෙයි.
හබක්කුක් 1:3 ගවේෂණය කරන්න
4
හබක්කුක් 1:4
එබැවින් නීතිය අඩපණ ව ගොසිනි. යුක්තිය ජය ගන්නේ ම නැත. දුෂ්ටයා, ධර්මිෂ්ඨයා කොටු කර ගනී. මෙසේ යුක්තිය මුළා කරනු ලැබ ඇත.
හබක්කුක් 1:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ