1
එස්තර් 6:1-2
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඒ රැයේ රජුට නින්ද ගියේ නැත. එබැවින්, රාජ්ය-තොරතුරු ස්මරණීය ලේඛන පොත ගෙනෙන්නට ඔහු නියෝග කළේ ය. ඔහු ඉදිරියේ ඔවුහු එය කියවූහ. වාසල්-කඩ ආරක්ෂක රජුගේ නපුංසක නිලධාරීන් ව සිටි බිග්තාන් හා තෙරෙෂ් යන දෙදෙනා අහෂ්වේරොෂ් රජු ඝාතන කිරීමට කළ සැලසුම මොර්දෙකයි විසින් අනාවරණ කරන ලද වගට වූ වාර්තාව හමු විණ.
සසඳන්න
එස්තර් 6:1-2 ගවේෂණය කරන්න
2
එස්තර් 6:6
හාමාන් එහි පිවිසි කල්හි, රජු ඔහු අමතමින්, “ගරු සම්මාන දැක්වීමට රජු ප්රසන්න තැනැත්තාට සැලකිය යුත්තේ කෙසේ දැ?” යි ඇසී ය. එවිට හාමාන්, “රජු ඔතරම් ගෞරව දක්වන තැනැත්තා මා මිස අන් කවුරු දැ?” යි තමා තුළෙහි ම සිතා ගත්තේ ය.
එස්තර් 6:6 ගවේෂණය කරන්න
3
එස්තර් 6:10
එවිට රජු හාමාන් අමතමින්, “හනික යන්න; ගොස්, ඔබ කී පරිදි සළු හා අශ්වයා ගෙන, රජ වාසල හිඳ සිටින මොර්දෙකයි යුදෙව්වාට එසේ කරන්න. ඔබ සඳහන් කළ කිසිවක් අතපසු නො කරන්නැ” යි නියෝග කළේ ය.
එස්තර් 6:10 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ