මොර්දෙකයිගේ මාමා වූ අබිහයිල්ගේ දියණිය, තම දියණිය සේ හැදූ-වැඩූ යෞවනිය, එස්තර්ට රජු වෙත යාමේ වාරය එළැඹුණු කල ඈ, රජුගේ අන්තඃපුර බාර නපුංසක නිලධාරී හේගයි උපදෙස් දෙන ලද දෑ හැර අන් කිසිවක් නො ඉල්ලුවා ය. තවද එස්තර්, ඇය දුටු හැම කෙනකුගේ ම ප්රසාදය දිනා ගත්තා ය.