1
දේශනාකරු 5:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
කතා කරන්නට ඉක්මන් නො වන්න, දෙවියන්වහන්සේ ඉදිරියේ යමක් කීමට ඔබේ හදින් කඩිනම් නො වන්න. දෙවියන්වහන්සේ ස්වර්ගයේ ය; ඔබ පොළොවේ ය; එබැවින් ඔබේ වචන ස්වල්ප වේවා!
සසඳන්න
දේශනාකරු 5:2 ගවේෂණය කරන්න
2
දේශනාකරු 5:19
තවද දෙවියන්වහන්සේ යම් කෙනකුට ධනය හා සම්පත් ද ඒවා භුක්ති විඳීමේ හැකියාව ද තම පංගු කොටස පිළිගෙන, තම වැඩ කටයුතු ගැන ප්රීතිවීම ද ලබා දෙන්නේ නම්, එය දෙවියන්වහන්සේගේ දීමනාවකි.
දේශනාකරු 5:19 ගවේෂණය කරන්න
3
දේශනාකරු 5:10
මුදලට ආලය කරන්නා කිසි දා මුදලින් සෑහීමට නො පැමිණේ; වස්තු සම්පත්වලට ආලය වන්නා කිසි දා තම ආදායමින් සෑහීමට නො පැමිණේ. මෙය ද නිරර්ථක ය.
දේශනාකරු 5:10 ගවේෂණය කරන්න
4
දේශනාකරු 5:1
දෙවියන්වහන්සේගේ ගෘහයට යන කල සාවධාන ව කටයුතු කරන්න. තමන් කරන්නේ වරදක් වග නො දැන ඔප්පු කරන අඥානයින්ගේ යාග පූජාවකට වඩා සවන් දීමට ළඟාවීම හොඳ ය.
දේශනාකරු 5:1 ගවේෂණය කරන්න
5
දේශනාකරු 5:4
දෙවියන්වහන්සේට ඔබ බාරයක් වූ කල, එය ඉටු කිරීම පමා නො කරන්න. අඥානයින් ගැන උන්වහන්සේගේ මනාපයක් නැත; ඔබේ බාර ඉෂ්ට කරන්න.
දේශනාකරු 5:4 ගවේෂණය කරන්න
6
දේශනාකරු 5:5
බාරයක් වී, එය ඉෂ්ට කිරීම පැහැර හරිනවාට වඩා බාරයක් නො වී සිටීම හොඳ ය.
දේශනාකරු 5:5 ගවේෂණය කරන්න
7
දේශනාකරු 5:12
කම්කරුවා ආහාර අඩුවෙන් ගත්තත්, වැඩියෙන් ගත්තත් ඔහුගේ නින්ද මිහිරි ය; එහෙත් ධනවතාගේ ධනස්කන්ධය ඔහුට නිදාගන්නට ඉඩ නො දෙයි.
දේශනාකරු 5:12 ගවේෂණය කරන්න
8
දේශනාකරු 5:15
ඔහු තම මවගේ කුසයෙන් නික්ම එන්නේ නිරුවතිනි; ඔහු පිටත් ව යන්නේ ඔහු ආ ලෙසින් ම ය; තමන් වෙහෙස ව හරිහම්බ කර ගත් කිසිවක් ඔහු තම අතින් ගෙන, රැගෙන යන්නේ නැත.
දේශනාකරු 5:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ