1
දේශනාකරු 4:9-10
සිංහල කාලීන පරිවර්තනය
SCV
එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය; මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ; ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන. එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ.
සසඳන්න
දේශනාකරු 4:9-10 ගවේෂණය කරන්න
2
දේශනාකරු 4:12
තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත. තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.
දේශනාකරු 4:12 ගවේෂණය කරන්න
3
දේශනාකරු 4:11
තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ. එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද?
දේශනාකරු 4:11 ගවේෂණය කරන්න
4
දේශනාකරු 4:6
වෙහෙස වී, සුළඟ පසු පස හඹා යමින් අත් දෙක ම පුරවා ගන්නවාට වඩා නිශ්චලතාවයෙන් යුතු ව එක් අහුරක් හොඳ ය.
දේශනාකරු 4:6 ගවේෂණය කරන්න
5
දේශනාකරු 4:4
යම් කාරියක් සඳහා හැම පරිශ්‍රමයක් හා දක්ෂතාවක් පැන නැගෙන්නේ කෙනකුගේ අසල්වැසියාගේ ඊර්ෂ්‍යාව හේතු කොට බැව් මම දුටුවෙමි. මෙය ද නිරර්ථකයකි; සුළඟ අල්ලන්නට හඹා යෑමකි.
දේශනාකරු 4:4 ගවේෂණය කරන්න
6
දේශනාකරු 4:13
උපදෙස් පිළිගන්නට නො දන්නා මහලු මෝඩ රජකුට වඩා දුප්පත් නැණවත් තරුණයකු හොඳ ය.
දේශනාකරු 4:13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ