1
දේශනාකරු 11:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
එම්බා යෞවනය, ඔබේ යෞවනයෙහි ප්රීති වන්න; ඔබේ යෞවන දවස්හි දී ඔබේ හදවත ඔබට ප්රීතිය ගෙන දේවා. ඔබේ හදට රිසි මගෙහි, ඔබේ ඇසට ප්රිය පරිදි කටයුතු කරන්න; එහෙත් දෙවියන්වහන්සේ මේ සියල්ලෙහි දී ඔබ විනිශ්චයට ගෙනෙන වග මතක තබා ගන්න.
සසඳන්න
දේශනාකරු 11:9 ගවේෂණය කරන්න
2
දේශනාකරු 11:10
එබැවින් කනස්සල්ල ඔබේ හදින් පලවා හැර, ඔබේ ගතේ කරදර ඉවත හෙළන්න; මන්ද යෞවනයත්, ශක්තියත් නිරර්ථක ය.
දේශනාකරු 11:10 ගවේෂණය කරන්න
3
දේශනාකරු 11:4
සුළඟ ගැන බලා සිටින්නන් වපුරන්නේ නැත; වලාකුළු ගැන බලා සිටින්නන් නෙළාගන්නේ නැත.
දේශනාකරු 11:4 ගවේෂණය කරන්න
4
දේශනාකරු 11:5
සුළඟේ ගමන් මග ඔබ දන්නේ නැති සේ ම, මවකගේ ගර්භයේ කලලය සෑදෙන හැටි නො දන්නා සේ ම, සියල්ලේ මැවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ වැඩ ඔබට වටහා ගත නො හැක.
දේශනාකරු 11:5 ගවේෂණය කරන්න
5
දේශනාකරු 11:6
ඔබගේ බීජ උදෑසන වපුරන්න; සවස ද ඔබේ දෑත එම කාරියෙන් නො වළකා ගන්න. මන්ද සඵල වන්නේ ඒවා ද මේවා ද නැති නම් ඒ දෙක ම එක සේ හරියා ද කියා ඔබ දන්නේ නැත.
දේශනාකරු 11:6 ගවේෂණය කරන්න
6
දේශනාකරු 11:2
හත් දෙනකුට නැති නම් අට දෙනකුට කොටස් බෙදා දෙන්න; මන්ද දේශය පිට, කවර විපත්තියක් පැමිණේදැයි ඔබ දන්නේ නැත.
දේශනාකරු 11:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ