තෙකෝවාහි එඬේරුන්ගෙන් කෙනකු වූ ආමෝස්ගේ වචනයයි මේ; යූදාහි රජු වූ උස්සියාගේ ද යෝවාෂ්ගේ පුත් ඉශ්රායෙල්හි රජු වූ යෙරොබොවම්ගේ ද දවස්හි, භූමිකම්පාවට දෙවසරකට පෙර, ඉශ්රායෙලය පිළිබඳ ඔහු දුටු දෑ මෙසේ පැවසේ.
ඔහු මෙසේ පැවසී ය:
“ස්වාමින්වහන්සේ සියොන් පුර සිට ගර්ජනා කරන සේක.
යෙරුසලමේ සිට ගිගුරුම් හඬ නගන සේක.
එවිට එඬේරුන්ගේ තණ බිම් වියළෙයි;
කර්මෙල් කඳු මුදුන කරවී යයි.”