එහෙත් රජු අරව්නාට පිළිතුරු දෙමින්, “එසේ නො වේ. මම එය ඔබගෙන් මිලයට ගන්නෙමි. මට කිසිවක් වැය නො වන කිසි යාග පූජාවක්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මා පූජා කරන්නේ නැතැ” යි කීවේ ය.
මෙසේ දාවිත් එම කමත ද ගවයින් ද මිලට ගනිමින්, ඒ සඳහා රිදී ෂෙකෙල් පනහක් ගෙවී ය.