1
2 ලේකම් 20:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔහු කතා කොට, “සවන් දෙන්න යූදාහි සියල්ලෙනි, යෙරුසලම් වැසියෙනි, යෙහෝෂාෆාට් රජතුමනි, ස්වාමින්වහන්සේ ඔබට මෙසේ පවසන සේක, ‘මේ සුවිශාල හමුදාව නිසා භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද යුද්ධය ඔබගේ නො වෙයි. දෙවියන්වහන්සේගෙයි.
සසඳන්න
2 ලේකම් 20:15 ගවේෂණය කරන්න
2
2 ලේකම් 20:17
මෙම යුද්ධයේදී ඔබ සටන් කළ යුතු නැත. ස්ථාවර ව සිටින්න. ඔබේ ස්ථානයේ රඳා සිටින්න; ඔබ උදෙසා ස්වාමින්වහන්සේගේ ගැලවීම බලා සිටින්න. එම්බා යූදා හා යෙරුසලම, භය වන්න එපා; කැලඹෙන්න එපා. හෙට ඔවුන්ට එරෙහිව යන්න. ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ’ යි” පැවසී ය.
2 ලේකම් 20:17 ගවේෂණය කරන්න
3
2 ලේකම් 20:12
අහෝ අපගේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය කරන්නේ නැද්ද? මන්ද අපට එරෙහිව පැමිණෙන මේ සුවිශාල හමුදාවට මූණ දෙන්නට අපට ශක්තියක් නැත. කුමක් කරන්නදැයි අපි නො දනිමු. එහෙත් අපගේ ඇස් ඔබ වෙත යැ” යි පැවසූහ.
2 ලේකම් 20:12 ගවේෂණය කරන්න
4
2 ලේකම් 20:21
ජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යෙහෝෂාෆාට්, හමුදාවට පෙරටුව යමින්, “ස්වාමින්වහන්සේට ස්තුති පුදන්න. මන්ද උන්වහන්සේගේ නොමියෙන පෙම සදහට පවත්නේ යැ” යි පවසමින්, ස්වාමින්වහන්සේට ගායනා කරන්නන් හා උන්වහන්සේගේ ශුද්ධකමේ අලංකාරය ගැන ප්‍රශංසා කරන්නන් පත් කළේ ය.
2 ලේකම් 20:21 ගවේෂණය කරන්න
5
2 ලේකම් 20:22
ඔවුන් ගායනා කරන්නටත්, ප්‍රශංසා කරන්නටත් පටන් ගත් කල, යූදාට එරෙහිව පැමිණි අම්මොන්, මෝවබ් හා සේයිර් කඳුකර වාසීන්ට දැඩි පරාජයක් වන පිණිස ස්වාමින්වහන්සේ ඔවුන්ට එරෙහිව රහසේ රැක සිටින්නන් තැබූ සේක.
2 ලේකම් 20:22 ගවේෂණය කරන්න
6
2 ලේකම් 20:3
යෙහෝෂාෆාට් භයපත් ව ස්වාමින්වහන්සේ සොයන්නට අදිටන් කර, යූදා මුළුල්ලෙහි උපවාසයක් ප්‍රකාශ කළේ ය.
2 ලේකම් 20:3 ගවේෂණය කරන්න
7
2 ලේකම් 20:9
‘අප පිට යම් ව්‍යසනයක් වන අසිපත, විනිශ්චය, හෝ වසංගතය හෝ සාගතය පැමිණියොත්, අපගේ විපතේදී ඔබේ නාමය දරන මේ ගෘහය ඉදිරිපිට ඔබ අබියස අපි ඔබට මොරගසන්නෙමු. ඔබ අපට සවන් දී, අප ගලවන සේකැ’ යි පැවසූහ.
2 ලේකම් 20:9 ගවේෂණය කරන්න
8
2 ලේකම් 20:16
හෙට ඔවුන්ට එරෙහිව බැස යන්න. ඔවුන් සීස් මංකඩින් නැග එනු ඇත. යෙරූවෙල් කාන්තාරයේ ඇති දොරුව කෙළවරදී ඔවුන් ඔබට මුණ ගැසෙනු ඇත.
2 ලේකම් 20:16 ගවේෂණය කරන්න
9
2 ලේකම් 20:4
ස්වාමින්වහන්සේගෙන් පිළිසරණ සොයන්නට යූදා ජනයා එක් රැස් වූහ; ඔවුහු ස්වාමින්වහන්සේ සොයන්නට හැම යූදා නගරයකින් ම පැමිණියහ.
2 ලේකම් 20:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ