1
1 තෙසලෝනික 5:16-18
සිංහල කාලීන පරිවර්තනය
SCV
හැම විට ප්රීතියෙන් සිටින්න; නොකඩව යාච්ඤාවේ යෙදෙන්න. සෑම සියල්ලේදී ස්තුති දෙන්න. ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.
සසඳන්න
1 තෙසලෝනික 5:16-18 ගවේෂණය කරන්න
2
1 තෙසලෝනික 5:23-24
සාමයේ දෙවියන්වහන්සේ ම, ඔබ මුළුමනින් පවිත්ර කරන සේක්වා! යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයේදී ඔබගේ මුළු ආත්මයත්, ජීවයත්, ශරීරයත් දෝෂ රහිත ව තබනු ලැබේවා! ඔබ කැඳවන තැනැන්වහන්සේ විශ්වසනීය ය. උන්වහන්සේ එය ඉටු කරන සේක.
1 තෙසලෝනික 5:23-24 ගවේෂණය කරන්න
3
1 තෙසලෝනික 5:15
කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වග බලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.
1 තෙසලෝනික 5:15 ගවේෂණය කරන්න
4
1 තෙසලෝනික 5:11
එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කර ගන්න.
1 තෙසලෝනික 5:11 ගවේෂණය කරන්න
5
1 තෙසලෝනික 5:14
සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරිගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟ ම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක් ම ඉල්ලන්නෙමු.
1 තෙසලෝනික 5:14 ගවේෂණය කරන්න
6
1 තෙසලෝනික 5:9
මන්ද දෙවියන්වහන්සේ අප උදෙසා පෙර නියම කර ඇත්තේ උදහස නො ව, යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළින් ගැලවීම ලැබීම ය.
1 තෙසලෝනික 5:9 ගවේෂණය කරන්න
7
1 තෙසලෝනික 5:5
ඔබ හැම දෙනා ආලෝකයේ පුත්රයෝ ය; දහවලේ පුත්රයෝ ය. රාත්රියටවත්, අන්ධකාරයටවත් අප අයිති නැත.
1 තෙසලෝනික 5:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ