එවදන් ඇසූ සාවුල් මත දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම පැමිණියෙන්, ඔහුගේ කෝපය දැඩි ව ඇවුළුණේ ය. ගවයින් දෙදෙනකු ගත් ඔහු, කැබලිවලට උන් කපා, ඉශ්‍රායෙල් දේශය පුරා පණිවුඩකරුවන් අත එම කැබලි යවමින්, “සාවුල් හා සාමුවෙල් පසු පස නො එන කවරකුගේ වුව ගවයින්ට මෙසේ කරනු ලැබේ යැ” යි නිවේදන කළේ ය. ස්වාමින්වහන්සේගේ භීතිය, එවිට ජනයා පිට පතිත වූයෙන්, ඔවුහු එකාවන් ව පිටත් ව ආහ.