එවිට උන්වහන්සේ, “පිටතට ගොස්, කන්ද උඩ ස්වාමින්වහන්සේ අභිමුඛයේ සිටගන්න. මන්ද ස්වාමින්වහන්සේ පසු කර යන සේකැ” යි පැවසූ සේක.
එවිට මහ බලවත් සුළඟක් හමා, ස්වාමින්වහන්සේට පෙරටුව කඳු ඉරා, පර්වත බිඳ හෙළී ය; එහෙත් ස්වාමින්වහන්සේ සුළඟේ නො වූ සේක. සුළඟට පසු, භූමිකම්පාවක් විය. එහෙත් ස්වාමින්වහන්සේ භූමිකම්පා වේ නො වූ සේක.