1
ගීතාවලිය 7:17
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමිතුමාණන් හට තුති ගී පවසමි.
සසඳන්න
ගීතාවලිය 7:17 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 7:10
දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක; අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක.
ගීතාවලිය 7:10 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 7:11
දෙවිඳාණෝ දැහැමි විනිසකරුවෙක් වන සේක; එහෙත් නිරතුරු ව උදහස් ව නොසිටින සේක.
ගීතාවලිය 7:11 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 7:9
මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.
ගීතාවලිය 7:9 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 7:1
සමිඳාණන් වහන්ස, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න.
ගීතාවලිය 7:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ