1
ගීතාවලිය 103:2
Sinhala New Revised Version 2018
SNRV
මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමාණන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
සසඳන්න
ගීතාවලිය 103:2 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 103:3-5
එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක. රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
ගීතාවලිය 103:3-5 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 103:1
මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න; හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න.
ගීතාවලිය 103:1 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 103:13
පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.
ගීතාවලිය 103:13 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 103:12
නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.
ගීතාවලිය 103:12 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 103:8
සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
ගීතාවලිය 103:8 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 103:10-11
එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක. මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
ගීතාවලිය 103:10-11 ගවේෂණය කරන්න
8
ගීතාවලිය 103:19
සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක. එතුමාණන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි.
ගීතාවලිය 103:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ