1
හිතෝපදේශ 16:3
Sinhala New Revised Version 2018
SNRV
ඔබේ ක්රියාවලිය සමිඳුන් හට කැප කරන්න; එවිට ඔබේ අරමුණු ඉටු වනු ඇත.
සසඳන්න
හිතෝපදේශ 16:3 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 16:9
මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක.
හිතෝපදේශ 16:9 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 16:24
ප්රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය
හිතෝපදේශ 16:24 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 16:1
සිතුවිලි සැලැස්ම මිනිසා සතු ය; අවසන් තීරණය සමිඳුන් වෙත ය.
හිතෝපදේශ 16:1 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 16:32
ඉවසීම, බලතලවලට වඩා ප්රශස්ත ය; ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේ ය.
හිතෝපදේශ 16:32 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 16:18
විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.
හිතෝපදේශ 16:18 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 16:2
තම ක්රියාවලිය හරි යයි මිනිසා සිතයි; එහෙත් සමිඳාණෝ ඔහුගේ ඇතුළාන්තය විමසන සේක.
හිතෝපදේශ 16:2 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 16:20
දෙව් වදන් සලකන අයට සව් සැපත ද සමිඳුන් අදහන අයට වාසනාව ද ඇත.
හිතෝපදේශ 16:20 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 16:8
වංකකමින් ලබන සැප සම්පත් රාශියට වඩා අවංකකමින් උපයන අල්පයක් වුව ද යහපත.
හිතෝපදේශ 16:8 ගවේෂණය කරන්න
10
හිතෝපදේශ 16:25
මිනිසෙකුට හරි යයි පෙනෙන මඟ වුව ද, මරණයෙන් අවසන් විය හැකි ය.
හිතෝපදේශ 16:25 ගවේෂණය කරන්න
11
හිතෝපදේශ 16:28
කලහකාරී අය වාද භේද පතුරුවති; කේළාම් කියන්නෝ මිතුරුදම් බිඳලති.
හිතෝපදේශ 16:28 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ