දෙවි තුමන් සිය බලයෙන් බලවතුන් ඉවතට ඇද දමනු ඇත;
ඔවුන් නැඟිට සිටියත්, ස්ථිර ජීවිතයක් ගැන ඔවුන්ට විශ්වාසයක් නැත.
දෙවි තුමාණෝ යහතින් විසුමට ඔවුන්ට රැකවරණය දෙන සේක;
හැම මොහොතෙහි ම එතුමන්ගේ දෙනෙත ඔවුන් යන මඟ වෙත යොමු වේ.
මොහොතකට ඔව්හු උසස් වෙති;
එහෙත්, වල් පැළෑටි මෙන් ඔව්හු වහා මැලවී යති.
කපා දැමූ ගොයම් මෙන් ඔව්හු තුරන් ව යති.