1
ගීතාවලිය 143:10
Sinhala New Revised Version
NRSV
ඔබේ කැමැත්ත කරන්න මට ඉගැන්නුව මැනව. ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබ යහපත් වන බැවින් පහසු මාවතක මා ගෙන ගිය මැනව.
සසඳන්න
ගීතාවලිය 143:10 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 143:8
උදය කාලයේ ඔබේ කරුණා ගුණය දකින්න මට සැලසුව මැනව. මම ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා යා යුතු මාර්ගය මට දැක්වුව මැනව. ඔබ දෙස මාගේ සිත ඔසවමි.
ගීතාවලිය 143:8 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 143:9
සමිඳුනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙව්ව මැනව. රැකවරණය පිණිස මම ඔබ වෙත දුවගෙන එමි.
ගීතාවලිය 143:9 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 143:11
සමිඳුනි, ඔබේ නාමයේ ගෞරවය උදෙසා මා ආරක්ෂා කළ මැනව. ඔබේ ධර්මිෂ්ඨකම නිසා මා විපතින් මිදුව මැනව.
ගීතාවලිය 143:11 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 143:1
සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ කන්නලව්වට සවන් දුන් මැනව. ඔබේ සත්යවාදීකමින් ද ධර්මිෂ්ඨකමින් ද මට පිළිතුරු දුන මැනව.
ගීතාවලිය 143:1 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 143:7
සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
ගීතාවලිය 143:7 ගවේෂණය කරන්න
7
ගීතාවලිය 143:5
යටගිය දවස් මම සිහි කරමි; ඔබේ සියලු ක්රියා ගැන භාවනා කරමි; ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.
ගීතාවලිය 143:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ