1
හිතෝපදේශ 15:1
Sinhala New Revised Version
NRSV
මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.
සසඳන්න
හිතෝපදේශ 15:1 ගවේෂණය කරන්න
2
හිතෝපදේශ 15:33
දේව ගරුබිය ප්රඥාවේ පාසලකි; යටහත්පහත්කම ගරු බුහුමන් ලැබීමට මඟකි.
හිතෝපදේශ 15:33 ගවේෂණය කරන්න
3
හිතෝපදේශ 15:4
මුදු මොළොක් වදන් දිවි රුකක් වැනි ය, එහෙත් කටුක වදන් මිනිස් සිත තුවාළ කරයි.
හිතෝපදේශ 15:4 ගවේෂණය කරන්න
4
හිතෝපදේශ 15:22
උවදෙස් නැති ව හදන සැලැස්ම නිසරු වෙයි; බොහෝ උවදෙස් ඇති විට එය සරු වෙයි.
හිතෝපදේශ 15:22 ගවේෂණය කරන්න
5
හිතෝපදේශ 15:13
සතුටු සිත මුහුණ එළිය කරයි; සෝ දුක සිත දෙදරවයි.
හිතෝපදේශ 15:13 ගවේෂණය කරන්න
6
හිතෝපදේශ 15:3
සමිඳාණෝ දිවැසින් මුළු ලොව නරඹන සේක, සුදනන් හා දුදදන් පිරික්සා බලන සේක.
හිතෝපදේශ 15:3 ගවේෂණය කරන්න
7
හිතෝපදේශ 15:16
කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.
හිතෝපදේශ 15:16 ගවේෂණය කරන්න
8
හිතෝපදේශ 15:18
වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.
හිතෝපදේශ 15:18 ගවේෂණය කරන්න
9
හිතෝපදේශ 15:28
දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි; නොදැහැමියා වහා පිළිතුරු දෙයි; එයින් කරදර ගොඩක් ඇති වෙයි.
හිතෝපදේශ 15:28 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ