1
යෙසායා 41:10
Sinhala New Revised Version
NRSV
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
සසඳන්න
යෙසායා 41:10 ගවේෂණය කරන්න
2
යෙසායා 41:13
මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.”
යෙසායා 41:13 ගවේෂණය කරන්න
3
යෙසායා 41:11
“නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය.
යෙසායා 41:11 ගවේෂණය කරන්න
4
යෙසායා 41:9
පොළොවේ කෙළවරින් මම නුඹ ගෙනාවෙමි. එහි සීමාවලින් නුඹ කැඳවා, ‘නුඹ මාගේ සේවකයා ය’යි මම කීවෙමි. මම නුඹ ප්‍රතික්ෂේප නොකෙළෙමි. නුඹ තෝරාගත්තෙමි.
යෙසායා 41:9 ගවේෂණය කරන්න
5
යෙසායා 41:12
නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය.
යෙසායා 41:12 ගවේෂණය කරන්න
6
යෙසායා 41:14
සමිඳාණෝ නුඹේ දකුණත අල්ලාගනිමින් මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්වරුනි, පණුවෙකු වැනි නුඹලා කුඩා ව, දුර්වල ව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිට වන්නෙමි. නුඹලා ගළවාගන්න, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ මම ය.
යෙසායා 41:14 ගවේෂණය කරන්න
7
යෙසායා 41:8
එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය.
යෙසායා 41:8 ගවේෂණය කරන්න
8
යෙසායා 41:18
මම මුඩු කඳු මුදුන්වල ගංගා ගලා යන්න ද මිටියාවත් මැද උල්පත් ඇති වන්න ද සලස්වන්නෙමි. කාන්තාරය මැද දිය පොකුණක් ද වියළි දේශයෙන් උල්පත් ද ඇති කරන්නෙමි.
යෙසායා 41:18 ගවේෂණය කරන්න
9
යෙසායා 41:17
අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.
යෙසායා 41:17 ගවේෂණය කරන්න
10
යෙසායා 41:4
මුල සිට ම ඉතිහාසය යන මාර්ගය නියම කොට මේ සියල්ල සිදු වන්න සැලසුවේ කවරෙක් ද? සමිඳාණන් වන මම ය. ආරම්භයත්, අවසානයත් වන සමිඳාණෝ මම ය.
යෙසායා 41:4 ගවේෂණය කරන්න
11
යෙසායා 41:19-20
මම කාන්තාරයෙහි කිහිරි, ෂිටිම්, මරඳ හා ඔලීව හටගන්වන්නෙමි. වනයෙහි දේවදාර, හල් හා සයිප්‍රස් එකට හටගන්වන්නෙමි. සෙනඟ මෙය දැක, සමිඳුන් වන මා එය කළ බව දැනගන්නෝ ය. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන් මේ දේ සිදු කළ බව ඔව්හු තේරුම් ගන්නෝ ය.”
යෙසායා 41:19-20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ