මුහුදේ ජලය අල්ලට ගන්නත්, අහසේ දිග වියතකින් මනින්නත් කිසිවෙකුට හැකි ද?
පොළොවේ පස් හුණ්ඩුවක දමන්නත්, කඳු හෙල්වල බර තරාදියකින් කිරන්නත් කිසිවෙකුට හැකි ද?
කළ යුතු දේ සමිඳුන්ට කියා දෙන්නත්, එතුමන්ට ගුරුකම් හා අවවාද දෙන්නත්, කිසිවෙකුට හැකි ද?
දැනගැන්මත්, අවබෝධයත් ලබාගැනුමටත්, යුතු අයුතු ක්රියා මාර්ගය වටහාගැනුමටත් එතුමාණන් සාකච්ඡා කරන්නේ කවරෙකු සමඟ ද?