උන් වහන්සේ යළිත් මට කතා කොට, “නුඹ මේ ඇටකටුවලට දිවැස් වැකි පවසා, මෙසේ කියන්න: අහෝ වියළි ඇටකටු! සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය.